44.
දිග පරතරයක් ඇතිව කෙටි සුදු පැහැති සළකුණුවලින් ලකුණු කළ කැඩුණු සුදු ඉර ධාවන තීරයක සළකුණකි. මාර්ගයක් එසේ ධාවන තීරුවලට බෙදා සළකුණු කර තිබේ නම්, ඔබගේ වාහනය සම්පූර්ණයෙන්ම ඔබ ගමන් කරන ප්‍රධාන තීරය ඇතුළතම තබාගන්න.
ඔබ අඩු වේගයකින් ගමන් කරන්නේ නම් මාර්ගයේ සිට අයිනට ආසන්න ධාවන තීරුවේ ගමන් කරන්න. ධාවන තීරුවෙහි සළකුණ මැදි කොට සිටින සේ ධාවනය නොකරන්න. එක් ධාවන තීරුවකින් තවත් තවත් ධාවන තීරුවකට මාරු නොවන්න. ඔබට එක් ධාවන තීරුවකින් තවත් ධාවන තීරුවකට මාරුවීමට අවශ්‍ය නම් අවශ්‍ය සංඥාව දමා අනෙක් ධාවන තීරුවට මාරුවන්න. එහිදී තම වේගය අඩු කිරීමට හෝ ගමන් මඟ වෙනස් කිරීමට හෝ අන් රියැදුරන් හට සිදුවන සේ ක්‍රියා නොකරන්න.

45. ඔබ ගමන් කරන මාර්ගයෙන් ඉවත්වීමට අදහස් කරන්නේ නම් සංඥාව දමා සුදුසු පිටවීමේ ධාවන තීරුවට කඩිනමින් පිවිසෙන්න. මාර්ග සළකුණුවලට හෝ වෙනත් යම් රථ ගමනාගමන සළකුණු හෝ සංඥා සපයා ඇති කුමන අවස්ථාවකදී හෝ ඒවාට කීකරුවන්න.
සුදුසු රථ ධාවන තීරයන් වාහනවලට
දැක්වීමට යොදා ඇති සළකුණු
46. දිග සුදු ඉරි සළකුණු සහ කෙටි පරතරයන් සහිත සුදු කැඩුණු ඉර මගින් හැඟවෙන්නේ ඔබ රථ ගමනාගමනයෙහි අවදානම් ස්ථානයකට ළඟාවන බවය. වේගය අඩුකර අමතර පරික්ෂාවෙන් යුතුව රිය පදවන්න.
47. ආරක්ෂා සහිත යයි ඔබ හොඳින්ම දන්නේ නම් මිස, හරස් විකර්ණ රේඛාවලින් සළකුණු කර ඇති..අවදානම් කලාපයන්ට ඇතුළු නොවන්න. ඔබ රථ ගමනාගමන දූපතකට හෝ මංසන්ධියකට
ළඟාවන බව එකී හරස් විකර්ණ රේඛා සළකුණ මගින් හැඟවේ.
48. රථ වාහන තදබද වී ඇති අවස්ථාවලදී ඉවසිලිමත් වන්න. පෝලිමෙන් පිට පැන ධාවනය නොකරන්න. එමගින් සිදු වන්නේ තදබදය උත්සන්න වීම පමණකි. ක්‍රමවත්ව ගමන් ගන්නා රථ වාහන වඩා වේගවත්ව ඉදිරියට ඇඳෙන අතර අනතුරු සිදුවීමද වළක්වයි.
49. මාර්ග සංඥාවෙන්
සහ මාර්ග සළකුණෙන්
හඟවන පාගාමීන් මාරුවන ස්ථානයකදී පදිකයෙකු සිටීනම් එම සංඥාව ඉදිරියේ හෝ සුදු කළු සහිත මාර්ග සළකුණෙහි මාර්ගය 'ඉඩදෙනු' රේඛාව ඉදිරියේ ඔබගේ වාහනය නැවැත්විය යුතුය. ඉන් පසුව එම මාරුවන ස්ථානය පාවිච්චි කරන පදිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව නිසිපරිදි සැළකිලිමත්ව ඉදිරියෙන් ගමන් කළ යුතුය.