36. අන් අය ගැන නොසලකා ආත්මාර්ථකාමීව මාර්ගය පාවිච්චි කරන්නෙක් නොවන්න. වඩා වේගවත්ව ගමන් කරන වාහනවලට ඔබ පසුකර යාමට ඉඩ දෙන්න. සෙමින් ගමන් කරන විශාල පරිමාණයේ වාහනවල රියැදුරන් විසින් වඩා වේගයෙන් ගමන් කරන වාහනවලට මාර්ගය ඉඩදීමට සුදුසු අවස්ථාවක් ලද විගසම තම වේගය අඩු කළ යුතුය. නැතහොත් වාහනය නැවැත්විය යුතුය.
37. නළාව ශබ්ද කරමින් නළාවේ බලයෙන්ම වාහනය නොපදවන්න. බස්රථ සහ පාපැදි ධාවන තීරු වෙන්කර ඇත්තේ එම වාහනවල පාවිච්චිය සඳහා පමණී.
38. ඔබගේ ප්‍රධාන ලාම්පු අනවශ්‍ය අන්දමින් විශේෂයෙන්ම ආලෝකමත් කරන ලද ප්‍රදේශයන් තුළදී පාවිච්චි නොකරන්න. මාර්ගයේදී අනෙකුත් වාහන හමුවන අවස්ථාවන්හීදි ඔබගේ ප්‍රධාන ලාම්පු අවපාත (ආලෝකය අඩු) කරන්න. පසුකර යාමට ඔබ අදහස් නොකරන වෙනත් වාහනයක් පසුපස ඒ ආසන්නයෙන්ම ඔබ ගමන් කරන විට ඔබගේ ප්‍රධාන ලාම්පු නිවා දමන්න. නැතහොත් අවපාත කරන්න. ඔබගේ ප්‍රධාන ලාම්පුවල ආලෝකය අඩු කළ විට හෝ නිවා දැමූ විට විශේෂයෙන් ප්රවේශම්කාරී වන්න.
39. ඔබ කරා ළඟාවන වාහනයේ ප්‍රධාන ලාම්පුවලින් ඔබගේ ඇස් නිලංකාර වී ගිය විට ඔබගේ වේගය අඩු කරන්න. ඔබගේ ප්‍රධාන ලාම්පුවල ආලෝකය අඩු කළ විට හෝ නිවා දැමූ විට විශේෂයෙන් ප්රවේශම්කාරී වන්න.
40. ධාවන තීරු පිළිබඳ රීති පිළිපදින්න. එමගින් රථවාහන ගමනාගමනය පහසුවෙන් සිදුවීමටත් ඉතා වටිනා ජාතික සම්පතකින් උපරිම ප්‍රයෝජනයක් ලැබීමටත් හේතුවනු ඇත.
41.
ඔබට පාලනය කරගත නොහැකි කරුණු යටතේ හෝ හදිසි අනතුරක් වැළැක්වීමට හෝ හැර ද්විත්ව සුදු පැහැති ඉරි..හරහා ගමන් නොකළ යුතුය.
42. දකුණු පැත්තට හැරවීමට හෝ හදිසි අනතුරක් වැළැක්වීමට හෝ හැර මාර්ගය මධ්‍යයේ හෝ ඒවා ආසන්නයේ පිහිටි තනි නොකැඩුණු සුදු ඉර හරහා ගමන් නොකළ යුතුය.

43. එක සමාන දුරස්ව පිහිටි සළකුණු සහිත හෝ බුබුළු සහිත කැඩුණු සුදු ඉරි මගින් මාර්ගයක එකිනෙක ප්‍රතිවිරුද්ධ දිශාවන්ට ගමන් කරන රථ වාහන ධාවන පථයකින් බෙදේ. ඔබට ඉදිරියෙන් එන යම් වාහනවලට බාධා නොවන්නේ නම් පමණක් එකී සළකුණුවලින් කුමන හෝ එකක් හරහා ඔබට ගමන් කළ හැකිය.