23. ඔබ යෝග්‍ය තත්ත්වයක පසුවේ නම් සහ මත්පැන් ගැනීමෙන්, ඖෂධ පාවිච්චි කිරීමෙන්, විඩාවට පත්වීමෙන් හෝ චිත්තාවේගවලට ගොදුරුවීමෙන් තොරව සිටින්නේ නම් මිස ගමනක් ආරම්භ නොකරන්න.
24. ඔබගේ වාහනය යහපත් යාන්ත්‍රික තත්ත්වයේ තිබෙන බව මැනවින් දැනගන්න. වාහනයේ සුක්කානම් යන්ත්‍රය, තිරිංගය, ටයර්, ලාම්පු, නලාව, වාමුවා පිස්නයන් (වයිපර්), සංඥා ආලෝක ආදිය පිළිබඳව විශේෂයෙන් අවධානය යොමුකරන්න. සැරසිලිවලින් හෝ ඒ සමාන අනවශ්‍ය දේවල් නිසා ඔබට මාර්ගය පෙනීම අවහිර නොවිය යුතුය.
25. වලංගු රියැදුරු බලපත්‍රයක් සහ ආදායම් බලපත්‍රයක් ඔබ සතුව තිබිය යුතු අතර, වාහනය අවම වශයෙන් තුන්වන පක්ෂයට සිදුවන හානි සම්බන්ධයෙන් කරන ලද ආරක්ෂණ ඔප්පුවකින්වත් ආවරණය කර තිබිය යුතුය.
27. ඔබගේ වාහනයේ ආසන පටි සවිකර තිබේනම්, ඒවා පාවිච්චි කරන්න. ඔබේ වාහනය හදිසි අනතුරකට භාජනය වුවහොත් නිවැරදිව පැළඳගෙන සිටි ආසන පටි හේතුවෙන් ඔබට තුවාල සිදුවීම බොහෝ සෙයින් අඩුවනු ඇත. ඔබගේ දරුවා පසුපස ආසනයෙහි තබා රැගෙන යන්න. නිසි පරිදි සවිකරන ලද ළමා ආරක්ෂක පටියක් හෝ ආසනයක් මේ සඳහා යෝග්‍ය වේ. නිතරම රියැදුරු ආසනය ඔබට ගැලපෙන පරිදි සකස් කරගන්න.
28. මෝටර් සයිකල් පදවන්නන් සහ ඒවායේ ගමන් කරන්නන් අනුමත ආරක්ෂක හිස්වැස්මක් පැළඳිය යුතුය. සුදු පැහැති ආරක්ෂක හිස්වැස්මක් සහ ලා පැහැති ඇඳුමක් පැළඳීමෙන් දෘශ්‍යතාවය අඩු වේලාවන්හිදී ඔබ වඩාත් පැහැදිලිව පෙනෙනු ඇත.
29. ගමන ආරම්භයට පෙර ඔබගේ ආසන පටි තදකර ගන්න. බැලුම් කන්නාඩියෙන් පසුපස බලා, ඔබගේ දකුණු උරහිසට ඉහලින් පසුපස බලන්න. අවශ්‍ය නම් සංඥා දමා අනෙක් වාහනවල වේගය වෙනස් කිරීමට හෝ ගමන් මග වෙනස් කිරීමට හෝ සිදු නොවන අයුරින් ප්රවේශමින් ගමන ආරම්භ කළ හැකි නම් පමණක් ගමන ආරම්භ කරන්න.
30. අවදානම හැඟවීමේ ලාම්පු පාවිච්චි කළ යුත්තේ ඔබගේ වාහනය අබල තත්ත්වයක පවත්නා බව හැඟවීමට පමණකි. ප්‍රමුඛත්වය දෙන ලෙස ඉල්ලා ඒවා පාවිච්චි නොකළ යුතුය. ඒවා පාවිච්චි කළ යුත්තේ වාහනය ස්ථාවරව නවතා තිබියදී පමණකි. ජ්වලනය (නිවෙන දැල්වෙන) ප්‍රධාන ලාම්පුවලින් හැඟවෙන්නේ ඔබ පැමිනෙණ බව පමණී. ඒවා මගින් ඔබට ප්‍රමුඛත්වය නොලැබේ.
31. මාර්ගයෙහි තත්ත්වය හා රථවාහන ගමනාගමන තත්ත්වය අනුව ප්‍රවේශම් සහිත වූද, එම මාර්ගයෙහි ඔබගේ වාහනයට අදාල වන්නා වූද, වේග සීමාවට අනුකූල වන වේගයකින් වාහනය පදවන්න.
නාගරික ප්‍රදේශයන් ඇතුළත | නාගරික ප්‍රදේශවලින් පිටත | |
මෝටර් කාර් / ද්විත්ව කාරය මෝටර් සයිකල් | පැ. කි. මී. 50 | පැ. කි. මී. 70 |
මෝටර් කෝච් මෝටර් ලොරි | පැ. කි. මී. 50 | පැ. කි. මී. 60 |
මෝටර් ත්‍රීරෝද ත්‍රීරෝද වෑන් රථ ඉඩම් වාහන වාෂ්ප බලයෙන් ධාවනය වනම මෝටර් රථ | පැ. කි. මී. 40 | පැ. කි. මී. 40 |
32. බාධාවකින් තොරව ඔබට පැහැදිලිව දැකිය හැකි දුර ප්‍රමාණය ඇතුළත වාහනය නවත්වා ගැනීමට හැකිවිය යුතුය. නිතරම නාගරික තද බද ප්‍රදේශයන් තුළදී වේගය අඩු කරන්න. ඉදිරියෙන් ගමන් කරන වාහන පසුපසින් ඒවාට ආසන්නවම ගමන් නොකරන්න. ඔබට ඉදිරියෙන් ගමන් කරන රියැදුරා තම වාහනය හදිසියෙන්ම නතර කළහොත් ඔබගේ වාහනය ආරක්ෂා සහිතව නවතා ගැනීමට හැකිවන සේ ප්‍රමාණවත් දුරක් වාහන දෙක අතර තබාගත යුතුය.
33. පාසැල් පාගාමීන් මාරුවන ස්ථාන මංසන්ධි, තීව්ර වංගු, කඳු මුදුන්, අනාරක්ෂිත දුම්රිය හරස් පාරක් යන ස්ථානවලට ලගාවීමේදීත්, මාර්ගය තෙත්ව ඇති විට හෝ දෘෂ්‍යතාවය දුර්වල විට, විශේෂයෙන්ම ප්‍රවේශම් සහිතව විය යුතුය. අන්ධයන් සහ ආබාධිතයන් සුදු සැරයටියෙන් සහ මග පෙන්වන බල්ලන්ගෙන් පිහිට ලබන්නන්ටත් විශේෂයෙන්ම ඉඩදෙන්න.
34. රිය පැදවීමෙහිලා අත්‍යාවශ්‍ය වෙනත් යම් කාර්යයන් කිරීමේදී හැර නිතරම අත් දෙකම සුක්කානම හෝ හැඬලය මත තබාගත යුතුය. එබඳු වෙනත් කාර්යයක් වුවද, කළ යුත්තේ එක් අතක් සුක්කානම මත තබාගෙනය. සංඥාවක් කල්වේලා ඇතිව දියයුතු අතර, හස්ත සංඥා පැහැදිළිව සහ උනන්දුවෙන් දිය යුතුය. වාහනයේ හැසිරවීමේ කාර්යය නිම වූ පසුව ජ්වලනය වන ආලෝක සංඥාව නවතා දැමීමට වගබලාගන්න.