පදිකයන් සඳහා උපදෙස්
  13. රථවාහන ගමනාගමනය සහ පාගාමීන් යන දෙකොටසම රථවාහන ආලෝක සංඥා මගින් පාලනය කරන ලබන්නා වූ පාගාමීන් මාරුවන ස්ථානයකදී 'රතු පැහැති' මිනිසා සංඥාව පෙනෙන්නට තිබේ නම්, මාර්ගය හරහා ගමන් ගමන් නොකරන්න. ක්‍රියා කරවන බොත්තම ඔබා 'කොළ පැහැති මිනිසා' නැවතත් සංඥාව දැල්වෙන තුරු නැවතී සිට, මාර්ගය හරහා ගමන් කරන්න. එසේ ගමන් කළ යුත්තේ ප්‍රවේශමෙනි. මක්නිසාද යත්, ආලෝක සංඥාවලට ප්‍රතිචාරය දැක්වීමට රථවාහන වලට කාලය තිබිය යුතු බැවිනි. මද වේලාවකින් පසුව 'කොළ පැහැති මිනිසා' සංඥාවේ ආලෝකය ජ්වලනය වේ නම්, මාර්ගය හරහා යෑම ආරම්භ නොකරන්න. එහෙත් ඔබ එවකටත්, මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී එම ආලෝකය ජ්වලනය වීම සිදුවේනම්, මාර්ගයේ අනෙක් පැත්තට යාමට ඔබට කාලය ඇත. එහෙත් ඔබ කඩිනමින් ගමන් කිරීම මැනවි.

(අ) බස් රථයක් තුළට ගොඩවීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම්,
මෙම සංඥාවෙන් හඳුන්වනු ලැබ ඇති, ළඟම පිහිටි බස්රථ නැවතුම කරා ගොස් පෝලිමෙහි ඔබේ ස්ථානයෙහි සිටින්න. පෝලිම කඩාගෙන යාම වරදකි. ඔබ බස් රථය තුළට ගොඩවීමට හෝ බස් රථයෙන් බැසීමට පෙර බස්රථය බස්රථ නැවතුමෙහි නතර කරන තුරු සිටින්න.





(c) Shilpa Sayura Foundation 2006-2017