බිම් මැනුමේ දී භාවිත වන කෝණික මිනුම් - Angular measurements in surveying
 අතීතයේ දී භූමි කොටසක් මැනීමේ දී රේඛීය මිනුම් මඟින් පමණක් ඉඩමේ සැලැස්ම ඇඳිය හැකි අතර, වර්තමානය වන විට සංකීර්ණ පරිසරයක් තුළ රේඛීය මිනුම් පමණක් යොදා ගෙන එය සම්පූර්ණ කළ නොහැකි ය. එනිසා මෙහි දී කොණික මිනුම් ලබා ගැනීමේ අවශ්‍යතාව පැන නැඟී ඇත.

කෝණික මිනුම් පිළිබඳ ව සාකච්ඡා කිරීමේ දී කෝණයක් මැන ගැනීම යනු යම් ලක්ෂ්‍යයක් වටා නිශ්චිත රේඛාවක සිට වෙනත් නිශ්චිත රේඛාවක් දක්වා භ්‍රමණය වූ ප්‍රමාණය මැන ගැනීමයි. මෙහි දී ප්‍රධාන වශයෙන් කෝණ වර්ග දෙකක් බිම් මැනුමේ දී මනිනු ලබේ.
(c) Shilpa Sayura Foundation 2006-2017