සීගිරියේ ජල පාලනය
 

ඉහල ප්‍රදේශ වලට වැටෙන ජලය එකතු කර වැව් හා පොකුණු වල රැස්ගනිමින්, ප්‍රදේශ හයකට හරහා භූමිය අභ්‍යන්තරයේ දිවෙන තනි හා ද්වී නල පද්ධතියකින් ඉහල සිට පහලට ජලවහනය කරමින් ඉතාමත් කාර්යක්‍ෂම ලෙස ජලපාලනය කරමින් වියලි පරිසරය සිසිල් කිරීමටත්, ජල සම්පාදනයටත්, ජලය ආරක්‍ෂා කරගැනීමටත්, පාංශු ඛාදනය අඩු කිරීමටත් කටයුතු කර ඇත.



  

 

සීගිරිය දිය අගල් හා කාණු පද්ධතිය
සීගිරියට වටකල ප්‍රධාන මඬ හා දිය අගල් දෙකකි. මඬ අගල ඕළු, නෙළුම් මෙන්ම කිඹුලන්ද ගහන වූ බව කියැවේ. එම අගල් දෙක අතරද ගඩොලින් තැනූ පවුරකි. දිය අගල ගල් කුට්ට් අවතලව අල්ලා, ඉවුරු ආරක්‍ෂාවට කටයුතු කර ඇත.

 


සීගිරියේ ජල උද්‍යානය

ප්‍රමද වනය තුල පොකුණු රාශියකි. වසර පුරා දැඩි හිරු රශ්මියෙන් පෙලෙන සීගිරි අවට පරිසරය සිසිල් කිරීමට කාශ්‍යප රජතුමා යොදාගත්තේ මාලිගා සංකීර්ණය පුරා විහිදුන ජල සංවහන පද්ධතියකි. ඊට උස්ව පිහිටි සීගිරි වැවෙන් ජලය ලබාගති. අදත් ක්‍රියාකරන වතුරමල්, අශ්ඨාශ්‍ර පොකුණ ඉතා හොඳ නිදසුන්ය. ජලය වාෂ්ප වීම අවම කිරීමට පොකුණු උඩින් පියැසි තනන ලදි. ජල උද්‍යානය කාශ්‍යප රජුගේ වාස්තු විද්‍යාත්මක හා ජල කලාමණාකරන ශිල්පයේ නිපුණතාවය පෙන්වයි.

වතුරමල්



අශ්ඨාශ්‍ර පොකුණ


(c) Shilpa Sayura Foundation 2006-2017