- කළුවා මාරපන් ගියා වගෙයි
- කිතුලට ගිය මිනිහටත් උත්තර තියෙනවලු
- ආඬි හත්දෙනාගේ කැඳ හැළිය වගේ
- වැඩි තණ්හාවෙන් හාල් මනාවේ වැලි දාහත්තලු
- අවංකකම වීරකමේ පදනමලු
- කුඩු කතත් තිරිත්තුවකට කෑ යුතුය
- හද්දා සාය යන්නට එකදා කා මළාය
- කිතුල් පිත්ත උඩ පියවර මැන්නා සේ
- මී බින්ඳුවකින් ගමක් ගිනිගත්තා වගෙයි
- කරුංකා ගෙඩියෙන් පරංගි සංහාරෙ කළා වගේ
- ගුරුන්ටත් අකුරු වරදී
- පය බරවාට පිටිකර බෙහෙත් බැන්දා සේ
- විස විසට පිළියම් ඇතත්, ගුණමකුකමට පිළියම් නැතිලු
- වෑග්ගරයට පණ දීල බෙල්ල කඩාගත්ත වගේ
- රජුටත් හිඟන්නාටත් අවමන් කළ නොහැක
- කන්න හිතුනම කබරගොයත් තලගොයා වෙනව
- අණුවනයා වැඩක් කරමියි සිතා අවැඩක්ම කරයි
- කටුස්සාට රත්තරන් පැළඳුවා සේ
- බැරෑරුම් බර බෙදා හෑල්ලු කළා වගෙයි
- පේරැස් මුදු පේනවාද කාලකණ්නියාට
- එක වී බුසලක් ණයට ගෙන පවුලක් වාල්කම ගියාලු
- ලබ්බට තිබ්බ අතමයි පුහුලටත්
- තන්හාව ඇත්තේ ඇති මිහිහාටමලු
- පැහි බතට ගුණ නොවන ලෙඩ තිපල් කසායට ගුණ වෙනවලු
- එළු බලු යාළුකම වගෙයි
- ආප්තෝපදේශ